
ඇත්තටම මෙය කුමක්ද ? සිනහවන්නේ කෙසේද ?
සමහරු මුවින් සිනාවේ. ඇතැමුන් හිතින් හිනාවේ. තවත් අය මුවින් සිනහ වන නමුත් එය කට කොනකට පමණක් සීමා කිරීමට උත්සුක වෙයි..
"මචන් .. අන්න අරුන් උඹට හිනා වෙනවා පිස්සෙක් කියල..."
හ්ම්ම්.. එය හැබැවටම සිනහවක්ද..? එසේනම් ඔවුන් මට "පිස්සෙක්" කියලා හිනාවෙන්නේ මන්ද..? බොහෝවිට අප සිනහවන්නේ සතුටක දීමද.?? ඒත් සතුටකදි අප සිනහ වනවාට වඩා කරන්නේ අඩන එකය. එහෙනම් මම පිස්සෙක් වීම අන් අයට හුදෙක් සතුටක් වේද..?
ඒත් එහෙනම් උන් අඩන්න ඔනනේ.
අනේමන්දා මටනම් ඇති පිස්සුවක් නැත. නමුත්, ඔවුන්ට මා පිස්සෙකි. එයට හේතුව මම මාවම විශ්වාස කිරීමද..? එහෙමත් නැතිනම් මා සම්ප්‍රදායට පිටින් ක්‍රියා කිරීමද.?
පිස්සෙකුට වුවත් හිනා වන්නේ තවත් පිස්සෙකුම නොවේද..?
මා පෙරට එන උන් මා දෙස බලා කට කොනකින් හිනාවේ.. "උන්ගේ කටට මොනවා වෙලාද" මට සිතේ. ඇයි උන් මට එහෙම හිනාවෙන්නේ ..??
අනේමන්දා.. මගෙන් උන්ට වැඩකුත් නැත. උන්ගෙන් මටත් වැඩක් නැත.

වේලාව සවස 5.59 සටහන්වේ... විනාඩියකට තත්පර 60 ඇතිමුත් එය දෙස බල සිටිනවිට එලෙස අපට නොහැගෙන්නෙ මන්ද...?
කාලය යනු ඉතා වේගයෙන් වෙනස් වන වස්තුවක් කියා අප අසා ඇතත් විනඩියක් ගතවීමට තවත් කොපමන කලක් බලාසිටීමට සිදුවෙදැයි වැටහෙන්නෙ එය දෙස බලා සිටින්නෙකුටම පමණි..
මම එය අත්විදීමට උත්සහ කළෙමි..
නමුත්.................................
ගතවුයේ නිමේශයකි.. මට ඇහිපිල්ලමක් ගැසුණි..
වේලාව 6.00 සටහන්වී ඇත. ඇහිපිල්ලමක් ගැසීමට තත්පරේකට අඩු කාලයක් ගියත් මට හැගුනේ මෙතෙක් වෙලා බලාසිට අවසන් තත්පරේම මා විසින් එය කර ඇති බවය. එමෙන්ම යමක් ගිලිහී යමට ගතවන්නේ කොපමන අවම කාලයක්ද..??
එය කෙතරම් අසාදාරණද..?? මා බලසිටි තත්පර 59 ම දැන් වැඩක් නැති වී හමාරය...
නමුත් උත්සහ කිරීමට කාලයෙන් බාධවක් නැත..
මම එය කෙසේ හෝ අත්විදිමි...


